Ads 468x60px

home

Showing posts with label COMPUTER TRICKS. Show all posts
Showing posts with label COMPUTER TRICKS. Show all posts

Tuesday 1 September 2015

1040.Start Menu එකේ Menu ලැබෙන වේගය වැඩි කරමු

Start Menu එකේ Menu ලැබෙන වේගය වැඩි කරමු

Image result for start menu

අද ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි  ට්‍රික්ස් එකක් ගැන. ඒ Start Menu එකේ මෙනු පෙන්නන වේගය ටිකක් වැඩි කරගන්නා අන්දම. සමහරවිට මේක කරන්න දන්න කට්ටියත් ඉන්න පුළුවන්. නොදන්න කට්ටිය ඉන්නවනම් මේ පහල කියලා තියන විදිහට කරගෙන බලන්නකෝ. 

මේක කරන්න කලින් ඔයාලා Start Menu → All Programs ගිහින් බලන්න ඔයාලගේ මෙනු පෙන්නන වේගය කොහොමද කියලා.




මේක ටිකක් වේගවත් කරගන්න කැමතියි නම් මම පහල කියලා තියන විදිහට කරගෙන බලන්න.

Menu ලැබෙන වේගය වැඩි කරමු


1.  මුලින්ම ඔයාලා Registry Editor එක open කරගන්න ඕනේ. ඒ සදහා Start මෙනු එකේ තියන Run කියන program එක open කරගෙන, එහි regedit යන්න type කර ok කරන්න.

Run Program


එවිට පහත ආකාරයෙන් Registry Editor එක open වෙනවා.

Registry Editor


2.  මීලගට ඔයාලා මේ Registry Editor එකේ MenuShowDelay කියන තැන හොයාගන්න ඕනේ. මේක හොයාගන්න හැටි දැන් මම ඔයාලට කියලා දෙන්නම්.. පහත රූපය බලන්න. මම ඔයාලට හදුනගන්න පුලුවන් වෙන්න වැදගත් තැන් Highlight කරලා තියනවා

Registry Editor


HKET_CURRENT_USER කියන folder එක යටතේ තියන Control Panel කියන folder එක හොයාගෙන, ඒ යටතේ තියන Desktop කියන folder එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට උඩ රූපයේ පෙනෙන අන්දමට දකුණු අත පැත්තෙන් MenuShowDelay කියලා තියන තැන හොයාගන්න පුලුවන්.

HKET_CURRENT_USER\Control Panel\Desktop

3.  දැන් MenuShowDelay කියන එක double click කරන්න . එතකොට ඔයාලට පහත රූපයේ පෙනෙන ආකාරයට අලුත් වින්ඩෝ එකක් open වේවි.

MenuShowDelay


4.  දැන් එහි Value data කියන තැන ඔබට පේනවා නේද? එතන සාමාන්‍යයෙන් තියෙන්නේ 400 වගේ සංඛ්‍යාවක්. එතෙන්ට 100 ත් 70 ත් අතර සංඛ්‍යාවක් දාලා OK කරන්න. සාමාන්‍යයෙන් හොදම අගය තමයි 100 ය. නමුත් ඊට අඩු ගණනක් වුනත් දාගන්න පුලුවන්. මම දැම්මේ 70 ව.
MenuShowDelay


5.  හරි දැන් ඒක OK කරන්න. දැන් මේ Registry Editor එක Close කරලා දාලා Computer එක Restart කරන්න. ඊට පස්සේ බලන්නකෝ කලින් තිබුනට වඩා මෙනු ලැබෙන වේගය වැඩියිද කියලා...


-____________________-
මෙතනින් යන්න​

Wednesday 19 August 2015

1031.පරිගණක​මවුපුවරුව ආරක්ෂා කරගන්න ආකාරය.

පරිගණක​මවුපුවරුව ආරක්ෂා කරගන්න ආකාරය......

Image result for motherboard

මවුපුවරුව(motherboard)කියන්නේ පරිගණකයේ තියන ඉතාමත් වැදගත් අංගයක්.ඉතින් එක ටිකක් වැඩිපුර කාලෙකට පරිස්සම් කරගන්න පුලුවන් වුනොත් අපිට සාපේක්ෂව ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්. ඉතින් අද කාලේ තියන motherboard හොඳට පරිස්සම් කරගත්තේ නැත්තම් හරියටම warranty ඉවර වුනු ගමන්, ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් යද්දී ලෙඩ දෙන්න ගන්නවා. ඉතින් ලොකුම ප්‍රශ්නේ එක නෙවේ. අපි අලුත් මවුපුවරුවකට මාරු වෙද්දී සමහරවිට අලුතෙන් ගන්න වෙලා තියන මවුපුවරුවට අපේ තිබ්බ ram එක ,processor එක ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්.දැන් තියන ගැජට් දවසින් දවස අලුත් වෙනවනේ. එතකොට ලෝක අමාරුවේ. පාවිච්චි කරපු(used) motherboard ගැන විස්වාසය තියන්නත් අමාරුයිනේ.  ඉතින් කරදර ගොඩයි. පොකට් එකටත් අමාරුයි. ඉතින් මේ හින්දා තියන motherboard එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ ගැන තමා මේ කියන්න යන්නේ.

1.මවුපුවරු ජව සැපයුම (power supply) ගැන සැලකිලිමත් වෙන්න.
Image result for

        මවුපුවරුවේ ක්‍රියාකාරීත්වයට කෙලින්ම බලපාන දෙයක් තමා  power supply එකේ ක්‍රියාකාරීත්වය.අද කාලේ තියන  power supply ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ.  power supply එකක් ක්‍රියා කල  යුතු නියමිත ක්ෂමතාවක් තියනවා. සාමාන්‍යයෙන් මෙය 325W - 400W පරාසයක තිබිය යුතුයි.අද වෙළඳ පොලේ ඇති power supply වල මෙම අගයන් සඳහන් කර තිබුනද ඒවා ක්‍රියා කිරීමේදී ඒවාහි ක්ෂමතාව සඳහන් කර ඇති අගයට වඩා සැලකිය යුතු තරමකින් වෙනස් වෙනවා.  ඔබේ power supply එකෙහි ක්ෂමතාව මෙම නියමිත  පරාසයට වඩා සැලකිය යුතු තරමකින් අඩු නම් හෝ වැඩි නම් එය ඔබගේ මවුපුවරුවට පමණක් නොව හාඩ් ඩ්‍රයිව් ආදියේ ආයු කාලයටද කෙලින්ම බලපානවා. එම නිසා power supply එකක් මිලදී ගැනීමේදී මිලෙන් වැඩි වුවත් හොඳ තත්වයේ එකක් මිලදී ගැනීමට සැලකිලිමත් වන්න. එය ඔබ ඊට වියදම් කල මුදලට වඩා විශාල ඉතිරියක් අනාගතයේදී ඔබට අත් කර දෙනු ඇත. එමෙන්ම ඔබ සතුව දැනට UPS එකක් පැවතියද ඔබගේ power supply එක නියමාකාරයෙන් ක්‍රියා නොකරයි නම් එය මවුපුවරුවේ ආයු කාලයට අනිවාර්යෙන්ම බලපානවා. එම නිසා දැනට UPS එකක් තිබුනත් මෙය නොසලකා හරින්න එපා.


2.මවුපුවරුවේ උෂ්ණත්වය ගැන අවදානයෙන් සිටින්න.

Image result for blue screen crash


       මවු පුවරුවේ කොටස්  සෑදීමට බෙහෙවින් බාවිතා කරන්නේ විවිද වර්ගයේ අර්ධ සන්නායකයි. එම නිසා මෙම අර්ධ සන්නායක වලින් සාදන උපාංග නියමිත ලෙස ක්‍රියා කරන්නේ යම්කිසි නිශ්චිත උෂ්ණත්ව පරාසයකයි. ඉතින් යම් හෙයකින් දීර්ගකාලීනව පමණට වඩා වැඩි උෂ්ණත්ව අගයන් වලට ලක්වීමෙන් මේවා ඉක්මනින් අකර්මන්‍ය වනවා.වර්තමානයේ බහුලව දක්නට ලැබෙන Stop error නොහොත්  blue screen error ඇති වීමට බෙහෙවින්ම බලපාන්නේ මෙලෙස වැඩි උෂ්ණත්ව වලට ලක් වී මවුපුවරුවේ  ඇතැම් තැන්වලින් විද්‍යුතය සන්නයනයට බාදා ඇති වීමයි. එම නිසා ඔබ පරිගණකය පවතින්නේ වැඩි පරිසර උෂ්ණත්ව තත්ත්ව යටතේ නම් සිස්ටම් කූලින් ෆෑන් (system cooling fan) එකක් හෝ දෙකක් බාවිතා කර ඔබගේ system unit එකෙහි උෂ්ණත්වය පාලනය කර ගතයුතු වෙනවා. එය පරිගණකයේ ආයු කාලයට පමණක් නොව පරිගණකයේ වේගයටද වැදගත් වනවා.

3.නඩත්තු කිරීම
Image result for
    system cooling fan  සහ  CPU cooling fan වල ක්‍රියාකාරීත්වය නිසා මවුපුවරුව මත දුහුවිලි අංශු තැන්පත් තැන්පත්  වීම වැඩිය.
මෙලෙස විශාල වශයෙන් විවිධ අංශු මවුපුවරුව මත තැන්පත් වීමෙන් එහි ක්‍රියාකාරීත්වයට හා ආයුකාලයට බලපෑම් ඇතිවේ.මීට හේතුව වන්නේ මෙලෙස තැන්පත් වන අංශු වල ආරෝපණ තිබිය හැකි බැවිනි. එම නිසා අඩුම තරමේ මාස 2 කට වරක් වත් බ්ලොවරයකින් හෝ සියුම් කුඩා පිරිසිදු පින්සලකින්  මවුපුවරුව පිරිසිදු කිරීමෙන්ද මවු පුවරුවේ ආයුකාලය දීර්ග කරගත හැකිය.

4.නිවැරදි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීම.

Image result for
          පරිගණකයට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීමේදී එය මවුපුවරු නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වර්තමානයේ  අන්තර්ජාලයේ විවිද පුද්ගලයන් විසින් විවිද අවශ්‍යතා(VGA overclock කිරීම වැනි) සඳහා modify කරන ලද ඩ්‍රයිවර්ස්  ඇති අතර එවැනි ඩ්‍රයිවර්ස්  බාවිතයෙන්ද මවුපුවරුවේ ආයුකාලය අඩු විය හැක.

5.ප්‍රශ්නයක් නැත්තම් බයෝස් යාවත් කාලින නොකරන්න.



        ඔබගේ මවුපුවරුව  හොදින් ක්‍රියාත්මක වේ නම් කිසි විටකත් bios update කිරීමට යාම නුවනට හුරු නැත. මවුපුවරුවේ යම් ගැටළු කාරී තත්වයක් පවතියි නම් පමනක් bios update කරන්න.ඊට හේතුව වන්නේ ඔබ පසුව ඉන්ස්ටෝල් කරන bios updateඑක  crash වීමට ඉඩ ඇති බැවිණි.


6.මවුපුවරුව තදින් තෙරපීමෙන් වලකින්න.

Image result for ram memory
   මවුපුවරුවේ ඇතැම් ස්ථාන තරමක් සංවේදී වේ. එම නිසා RAM,VGA card,Sound card ගැලවීමේදී හා සවි කිරීමේදී එය නිවැරදි ආකාරයට ස්පර්ශ කර සවිකළ යුතුවේ. එසේ නොමැතිව හිතුමතේ සවි කිරීමට යාමෙන් මවුපුවරුව අනවශ්‍ය ලෙස තෙරපි එහි ක්රියාකාරීතවයට් බාදා ඇතිවිය හැක.


7.වයිරස් වලින් බයෝස් ආරක්ෂා කරගන්න
Image result for bios virus
        වර්තමානයේ පරිගණක මවුපුවරුවේ බයෝස් වැඩසටහනටද ආසාදනය විය හැකි විවිධ හානිකර වැඩසටහන් ඇති බැවින් ඒවායින් වැලකි සිටිය හැකි හොඳ තත්වයේ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් බාවිතා කිරීම නුවනට හුරුය. වර්තමානයේ ඇති බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග මෙවැනි හානිකර වැඩසටහන් සොයාගැනීමට සහය දක්වයි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 -  -
මෙතනින් යන්න​

Saturday 15 August 2015

1029.Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Installers | සත්සයුර - www.sathsayura.com

වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් එක්ක Microsoft .Net Framework නොඑන එක. මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ. මේකෙත් සංස්කරණ ගොඩක් තියෙනවා. එයින් 2.0, 3.5, 4.0 වගේ ඒව තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ. 

ගොඩක් වෙලාවට මේක අපි ඩවුන්ලෝඩ් කරල දාගන්න ඕනා. හැබැයි මේක ඉන්ස්ටෝල් වෙන්න නම් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල තියෙන්න ඕනා. එහෙම තිබ්බත් සමහර වෙලාවට කනෙක්ෂන් එක ස්පීඩ් මදි නම් මගදි ඉන්ස්ටෝල් වෙන එක නවතින්නත් පුළුවන්. ඉතින් ඒකට පිළියමක් තමයි මේ දෙන්න යන්නෙ. 

Offline Installers කිව්වම ගොඩක් අය දන්නවා. දන්නෙ නැති අය ඉන්නව නම් Offline Installers කියන්නෙ කලින් ඩවුන්ලෝඩ් කරල තියාගන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල නොතිබ්බත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් setup files වලට. Microsoft .Net Framework Offline Installers සේරම මෙතනින් ගන්න පුළුවන්. 

.NET Framework 4.5 Setup
Download 32 bit & 64 bit versions

.NET Framework 4.0 Setup
Download 32 bit & 64 bit versions


NET Framework 3.5 Setup
Download 32 bit & 64 bit Versions

.NET Framework 3.5 Setup Service Pack 1
Download .NET 3.5 Service Pack 1

.NET Framework 2.0 Setup
Download 32 bit version
Download 64 bit version

.NET Framework Client Profile Offline Installer
Download .NET Client Profiler Offline Installer



- -
මෙතනින් යන්න​

Saturday 8 August 2015

1024.Windows 10 Auto Update වීම නතර කරමු.

Windows 10 Auto Update වීම නතර කරමු.

Image result for windows 10 operating system

අද වෙනකොට ගොඩක් අය Windows 10  දාගෙන ඉන්නේ.නොමිලේ දෙන නිසා ගොඩක් අය දාගෙන ඇති.නමුත් ඉදිරියට කුමන බලාපොරොත්තුවක් microsoft එකට තියද කියල තාම නිශ්චිත තොරතුරක් නම් නැ.විවිද අය විවිද අදහස් පලකරනවා බලමු ඉදිරියට කුමක් වේවිද කියලා.කොහම උනත් දැනටමත්   Windows 10 පාවිච්චි කරන සහ ඉස්සරහට දාන්න ඉන්න අයට වැදගත් වෙයි. සමහරු කියනවනේ Windows 10 වල Auto Update වෙන එක නවත්වන්න බෑ කියලා. ඉතින් දැන් කියන්න යන්නේ Windows 10 වල  Auto Update වෙන එක නවත්වන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.



මෙහමයි වැඩේ කරගන්නේ.

* Start >>> Setting ක්ලික් කරන්න.

(රුප ලොකු කර බැලිමට ඒ මතclick කරන්න​.)




* දැන්  Setting Window එකේ " Control Panel " කියලා Type කරන්න.



* දැන්  Control Panel එකේ " Administrative Tools "  ක්ලික් කරන්න.




* ලැබෙන  Administrative Tools Window එකේ " Services " ඩබල් ක්ලික් කරන්න.



*  ලැබෙන  Services Window එකේ " Windows Update " ඩබල් ක්ලික් කරන්න.



* Windows Update Properties Window එකේ

Startup Type කියන එක  " Disabled "  කරන්න



කරන්න තියෙන්නේ ඔච්චරයි..... Windows Auto Update වෙන එක දැන් නතර වෙලා ඇති.



- -
මෙතනින් යන්න​

Thursday 6 August 2015

1023.Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද?

Windows 7 වල ගැජට් හරියට පෙන්නන්නේ නැද්ද?

Image result for Desktop Gadgets

ඔයාලා Windows 7 වල Desktop Gadgets පාවිච්චි කරනවද? පාවිච්චි කරනවනම් සමහර වෙලාවට මතුවෙන ප්‍රශ්ණයක් ගැන තමා අද අපි කතා කරන්න යන්නේ. 

ඉතින් සමහර වෙලාවට මේ Windows 7 ගැජට් පෙන්නන්නේ නැතුව යනවා. පෙන්නුවත් කලුපාට, හිස් අවකාශයක් විතරයි පෙන්නන්නේ. ඒවගේ ඇතුලත් තොරතුරු මොනවත් පෙන්නන්නේ නෑ. බලන්නකෝ පහල රූප ටික. ඔය එවැනි අවස්ථා වලින් කිහිපයක්.


Gadgets not Displaying Correctly in Windows 7


 ඉතින් මේ වගේ දෙයක් ඔයාලටත් වුනොත් මොකද කරන්නේ? අන්න ඒකට විසදුමක් තමා දැන් මම කියලා දෙන්න හදන්නේ. 

කොහොමද මේ ප්‍රශ්ණය විසද ගන්නේ ?

බයවෙන්න එපා බොහෝම පහසුයි මේක විසද ගන්න.  පහලින් ඔයාලට පියවර සහිතව කියලා දෙනවා. පිළිවෙලට වැඩේ කරගන්න. මුලින්ම මේ වැඩේ කරන්න ඉස්සර වෙලා ඔයාලට පොඩි දේවල් කිපයක් කියන්න තියනවා.




  • මේ වැඩේ කරන්න ඉස්සර වෙලා මුලින්ම ඔයාලා Administrator Account එකට Log වෙලා ඉන්න ඔනේ.






  • ඒ වගේම ඔයාලා 3rd Party Firewall Program එකක් Install කරලා තියනවනම්, මුලින්ම ඒකේ Settings චෙක් කරලා බලන්න වෙනවා. මොකද සමහර Firewall වලින් මේ ගැජට් Block කරනවා.

  • 3rd Party Firewall Program එකක් කියන්නේ, සාමාන්‍යයෙන් Windows Install කරනකොට එකෙන්ම Install වෙන (default) Firewall එකකට අමතරව ඔයාලා අලුතෙන් Internet එකෙන් Firewall Programe එකක් අරගෙන Install කරනවනම් ඒක හදුන්වන්නේ 3rd Party Firewall Program එකක් ලෙසයි.



ඉහත සදහන් කල දේවල් පරික්ෂාකරලා බලලා මේ පියවර ටික පිළිවෙලට කරගන්න..

1. මුලින්ම ඔයාලා Notepad එක Open කරගන්න. ( Start → All Programs → Accessories → Notepad)

2. ඊටපස්සේ මම ඔයාලට පහල කොඩ් වගයක් දීලා තියනවා. ඒ ටික Copy කරලා මේ Notepad එකට Paste කරන්න.

taskkill /im sidebar.exe /f
regsvr32 /s msxml3.dll 
regsvr32 /s scrrun.dll
regsvr32 /s jscript.dll
regsvr32 /s atl.dll
Regsvr32 /s "%ProgramFiles%\Windows Sidebar\sbdrop.dll" 
Regsvr32 /s "%ProgramFiles%\Windows Sidebar\wlsrvc.dll"
reg delete "HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Internet Settings\Zones" /f 
"%ProgramFiles%\Windows Sidebar\sidebar.exe" 


3. දැන් අපි මේක Save කරගන්න ඔනේ. File → Save As ගිහින්, මොකක් හරි නමක් දීලා මේක .bat කියන File Format එකට Save කරගන්න.

උදාහරණයක් විදිහට මම Save කරනවා ResetG.bat කියලා.

ResetG.bat



4. මේ Save කරගත්ත File එක Right Click කරලා Run as Administrator කියන එක Click කරලා මේක Run කරන්න.

5. ඊටපස්සේ command prompt එක Open වෙලා Close වෙලා යයි. ඒ කියන්නේ මේ File එක Run වෙනවා.

6. මේ වැඩේ ඉවරවුනහම Computer එක Restart පාරක් දාන්න.



මේ කරලත් හරිගියේ නැත්නම් මේ Gadgets ටික Uninstall කරලා ආපහු Install කරන්න.



- -
මෙතනින් යන්න​

Tuesday 4 August 2015

1021.Command Prompt මගින් පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරමු...

Command Prompt මගින් පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරමු...

Image result for Command Prompt
        ගොඩක් අය තමන්ගේ පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරන්නේ, Start menu එකේ තියෙන power button එක භාවිතා කරලා. එහෙමත් නැත්නම් පරිගණකයේ බාහිරින් තිබෙන physical power button එක භාවිතා කරලා. මේවා තමයි සාමාන්‍ය ක්‍රම. ඒත් මේ ක්‍රම වලට අමතරව ගොඩක් වැදගත් ක්‍රමයක් අද  ඔයාලට කියලා දෙනවා. ඒ තමයි ඔයාලගේ පරිගණකය Command Prompt එක භාවිතා කරලා ක්‍රියා විරහිත (Shutdown) කරන්නේ කොහොමද කියලා.

මෙහි ඇති වැදගත්කම තමයි, ක්‍රියා විරහිත (Shutdown) කිරීමට අමතරව ඒ සඳහා කාලයක් ලබාදීමත් මෙමගින් කළ හැකි වීමයි. ප්‍රධාන වශයෙන්ම Shutdown කරන ආකාරයත් ඊට අමතරව Restart හා Log Off කරන විවිධ ආකාරයන් කීපයකුත් මෙම ලිපිය මගින් ඔයාලට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.


පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරමු...

මෙම සියලුම ක්‍රියාවලීන් සිදු කිරීමට නම් පළමුවෙන්ම Command Prompt විවෘත කරගන්න ඕන. ඒ සඳහා යතුරු පුවරුවේ Windows Key + R යන යතුරු තද කරලා Windows Run විවෘත කරගන්න. ඊට පස්සේ එහි CMD ලෙස ටයිප් කරන්න. විවෘත වන Command Prompt එක තුළ shutdown -s ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී ක්‍රියාත්මක වන විධානය ලෙස "shutdown" යන්නත් "-s " මගින් පරිගණකයට එය දැනුම් දීමත් සිදු කරයි. අවසන් ප්‍රතිඵලය ලෙස පරිගණකය ක්‍රියා විරහිත වේ.




පරිගණකය Restart කරමු...

පෙර පරිදිම Command Prompt විවෘත කරගන්න. shutdown -r ලෙස එහි ටයිප් කරන්න. යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී "-r " යන්න මගින් shutdown වීමෙන් අනතුරුව Restart වන ලෙස පරිගණකයට දැනුම් දෙයි.




දැන් භාවිතා වන ගිණුම ක්‍රියා විරහිත කරමු (Log off the Current User Account)...

Command Prompt තුළ shutdown -l ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී "-l " මගින් පරිගණකයට Log off වීමට විධානය ලබා දෙයි.




පරිගණකය ඔබ දී ඇති කාල සීමාවකට පසු ක්‍රියා විරහිත (Shutdown) කරමු...

Command Prompt තුළ shutdown -s -t 60 ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී පරිගණකය ක්‍රියා විරහිත විය යුත්තේ කොපමණ කාලයකට පසුවද යන්න " -t " මගින් පරිගණකයට දැනුම් දෙයි. ඉහත 60 ලෙස ඇත්තේ එම කාලය තත්පර වලිනි. මෙම අගය ඔබට කැමති අගයකට වෙනස් කරගත හැක. මේ ආකාරයට ක්‍රියා විරහිත වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමක් ඔබේ පරිගණක තිරය මත දර්ශනය වනු ඇත.




පරිගණකය ක්‍රියා විරහිත වීමේදී ඒ පිළිබඳ පණිවිඩයක් පරිගණක තිරයේ දිස් වීමට සලස්වමු...

Command Prompt තුළ shutdown -s -c "I am tired. I don't want to work anymore." ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී "-c " මගින් පරිගණකය ක්‍රියා විරහිත වීම සඳහා ඔබ විසින් ලබා දුන් හේතුව පරිගණක තිරයේ දිස්වීමට පරිගණකයට විධානය සපයයි. ඔබ ලබාදෙන පණිවිඩය ඉහත I am tired. I don't want to work anymore. ලෙස සඳහන් කර ඇති ස්ථානයේ ඒ වෙනුවට යෙදිය යුතුය. එනම් "Replace" කළ යුතුය. එය ඇතුළත් කළ යුත්තේ උදෘත පාඨයක් ලෙස බව මතක තබාගන්න. ඒ වගේම මෙය විනෝදය උදෙසාද භාවිතා කළ හැකි බව ඔබට වැටහෙනු ඇත.





ඉහත සඳහන් කර ඇති සියලුම ක්‍රියාවලි සුදුසු ලෙස එකට එක්කරද භාවිතා කළ හැක. එසේම විධානයන් "Note pad" තුළ ටයිප් කර සුදුසු නමක් යොදා එහි අගට .bat යන දිගු නාමය සහිතව All files යන file type එක යොදා Desktop හි save කර එම save කරන ලද ගොනුව ඩබල් ක්ලික් කිරීමෙන්ද පහසුවෙන් ඕනෑම අවස්ථාවක එම විධාන ක්‍රියාත්මක කළ හැකිය.

- -
මෙතනින් යන්න​
 
-