Ads 468x60px

home

Showing posts with label NEWS. Show all posts
Showing posts with label NEWS. Show all posts

Friday 31 October 2014

662.Samsung ආයතනය විසින් ශත 50 කාසි පිරවු ලොරි 30ක් Apple ආයතනයට වෙත යවමින් ඩොලර් බිලියනය ගෙවිමට තිරණය කරයි |


Samsung ආයතනය විසින් ශත 50 කාසි පිරවු ලොරි 30ක් Apple ආයතනයට වෙත යවමින් ඩොලර් බිලියනය ගෙවිමට තිරණය කරයි | 

පසුගිය දා  උදෑසනක California හි පිහිටා ඇති Apple ආයතනයේ මූලස්ථානය වෙත ශත 50 කාසි වලින් පිරුණු ලොරි 30ක් පැමිණ ඇති බවට වාර්තා වේ. එහි සිටි ආරක්ෂක නිලධාරින් විසින් මෙම ලොරි වැරදි ස්ථානයකට පැමිණ ඇති බවට පැවසු නමුත්, ඉන් මිනිත්තු කිහිපයකට පසු Samsung ආයතනයේ CEO විසින් Apple ආයතනයේ CEO වෙත දුරකථන ඇමතුමක් ගෙන පවසා ඇත්තේ දකුණු කොරියානු ආයතනයකට විරුද්ධව තිබු නඩුවෙහි තින්දුවට අනුව තම ආයතනය වැරදිකරු විම හේතුවෙන් ගෙවිමට නියමිත ඩොලර් බිලියන 1 ක මුදල මේ අයුරින් ශත 50 කාසි වලින් ගෙවිමට ඔවුන් තිරණය කර ඇති බවය.

මෙහි විශේෂත්වය වනුයේ මෙම නඩු තින්දුවෙහි කිසි තැනක මුදල් ගෙවිය යුතු ක්‍රමවේදය සදහන් නොවි තිබිමය. එම නිසා Samsung ආයතනය කැමති ආකාරයකට මෙම මුදල් ගෙවිමට හැකියාව ඇත.

මෙම මුදල් ප්‍රමාණය නිවැරදිද යන්න තහවුරු කර ගැනිම සදහා මෙය ගණන් කිරිමට සිදු වන අතර, මෙම නුවණක්කාර විහිළුව හේතුවෙන් Apple ආයතනයේ නිලධාරින් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තා වේ.

Samsung ආයතනයේ ප්‍රධානියා විසින් මාධ්‍ය සදහා පවසා ඇත්තේ "his company is not going to be intimidated by a group of “geeks with style” and that if they want to play dirty, they also know how to do it" යනුවෙනි. 


මෙතනින් යන්න​

Wednesday 29 October 2014

658. ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර්

-ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර්-

      කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.


ප්‍රථමයෙන්ම ඔබේ වෙබ් කැමරාව පරිගණකය හා නිසිලෙස සම්බන්ධ වී ඇත්දැයි සොයා බලන්න. ඔබට දර්ශණ ලබා ගත යුතු ප්‍රදේශයට කැමරාව එල්ල කර තබන්න. දැන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සේවාව ලබාදෙන්නේ Cammster නම් වෙබ් සේවාව මගින්.  http://cammster.com යන වෙබ් ලිපිනයෙන් ඔබටත් මේ වෙතට ප්‍රවේශ විය හැකියි. එවිට මේ ආකාරයේ තිරයක් ඔබට දැකගත හැකියි.



දැන් මේ තිරයෙන් "Protect Now" යන බොත්තම ක්ලික් කර සේවාව සඳහා පිවිසෙන්න. ඉන්පසු පහත ආකාරයේ තිරයක් ලැබේවි.


මෙහිදී ඔබේ කැම්ස්ටර් ගිණුම සාදා ගත යුතුයි. ඔබේ ඊ-මේල් ලිපිනය හා කැම්ස්ටර් ගිණුම සඳහා මුරපදයක් යොදා "I'm agree with terms" සලකුණු කර Register බොත්තම ඔබන්න. එවිට ඔබේ ගිණුමට පිවිසිය හැකි සබැඳියක් (Link) ඔබ ඉහත ලබාදුන් ඊ-මේල් ලිපිනයට ලැබෙනු ඇත. ඔබේ ඊ-මේල් ගිණුමට පිවිස කැම්ස්ටර් වෙතින් ලැබී ඇති අදාල පණිවුඩය විවෘත කර එහි ඇති සබැඳිය ඔස්සේ නැවතත් කැම්ස්ටර් වෙත පිවිසෙන්න.
 එවිට මෙහි දැක්වෙන ආකාරයේ තිරයක් ලැඛෙන අතර Run Cammster now ලබාදෙන්න. දැන් ඔබව ප්‍රධාන තිරය වෙත රැගෙන යයි. මෙහි ඉහළ දකුණු කෙලවරේ ඇති Change webcam මගින් ඔබේ පරිගණකයේ වෙබ් කැමරා කීපයක් ඇත්නම් අවශ්‍ය කැමරාව තෝරා දිය හැකියි.



කැම්ස්ටර් වෙබ් සේවාවේ ඇති විශේෂම ලක්ෂණය නම් ඔබ මෙය ක්‍රියාත්මක කර තැබූ විට කැමරාව ඉදිරියෙන් ඇති දර්ශණයේ යම් චලනයක් සිදුවුව හොත් (Motion detection) එය ග්‍රහණය කරගෙන සයිරන් නාදයක් නිකුත් කිරීමයි. එමෙන්ම ඊට අදාල රූප රාමුවේ ඊ-මේල් පණිවුඩයක්ද ඔබේ ගිණුමට එවනු ලබයි. මෙම සේවාව වෙත මුදලක් ගෙවීම මගින් SMS පණිවුඩයක්ද ලබා ගත හැකියි. මේ චලන සංවේදීතාවය අවශ්‍ය පරිදි සකසා ගන්නටත් හැකියාව ලබාදී තිබේ.


මෙහි Play Siren යන තේරීම ඉවත් කිරීමෙන් නාදයක් නිකුත්වීම නැවැත්විය හැකියි.

ඔබටත් වෙබ් කැමරාවක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇත්නම් මේ කැම්ස්ටර් මුරකරුවාගෙන් සේවය ලබාගන්නට පුළුවන්...



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Wednesday 3 September 2014

582.බයිසිකල් වෙනුවට දැන් හුරුබුහුටි Urban Glider !

බයිසිකල් වෙනුවට දැන් හුරුබුහුටි Urban Glider !

 
එදිනෙදා පොඩි පොඩි ගමන් යන්න සාමාන්‍යයෙන් අපි අපි යොදාගන්නේ පා පැදි වගේ දේවල්. ඒත් බයිසිකලය විශාල නිසා පහසුවෙන් එහා මෙහා ගෙනියන්න බැහැ. නැත්නම් රෝද සපත්තු, Skating board වගේ දේවල් වුනත් යොදාගන්න පුළුවන්. හැබැයි රෝද සපත්තු වලින් ගල් බොරලු තියෙන පාරක නම් ගමන් කරන්න ටිකක් අමාරුයි.

මේ ප්‍රශ්ණයට විසඳුමක් විදියටයි Urban Glider නිර්මාණය වුණේ. Austin Marhold විසින් නිර්මාණය කරන ලද මේ අපූරු බයිසිකලය කිලෝ ග්‍රෑම් 11ක් පමණයි බර වන්නේ. අඟල් 16ක තනි රෝදයක් පමණක් සහිත වුවත් මේ බයිසිකලයට තනිවම සමබර වීමේ හැකියාව තියෙනවා.

කෙසේ වුනත් මේ බයිසිකලය තරමක් අමුතු විදියටයි ධාවනය වෙන්නේ. ඒ කියන්නේ ඒ සඳහා වෙනමම පුහුණුවක් අවශ්‍ය වනවා. හැබැයි ඉතින් සාමාන්‍ය බයිසිලයක් වුනත් මුලදි සමබර කරගන්න අමාරුයි නේ.

Urban Glider බයිසිකලය මතින් පාද සමබර කරලා ඉදිරියට යන්න ඔබට තරමක් ඉදිරියට නැඹුරු වන්නට සිදුවනවා. ඒ වගේම ඔබ පසුපසට බර වෙනවාත් සමඟ මෙහි වේගය අඩු වෙනවා. විවිධ පැති වලට නැඹුරු වීමෙන් ගමන් ගන්නා දිශාව වෙනස් වනවා. මේ බයිසිකලයට ගොඩවන්නට ඔබට කරන්න තියෙන්නේ තරමක් ඉදිරියට තල්ලු කරමින් පාද නියමිත තරන තබාගැනීමයි.
Glider සමබර වන්නේ ගුරුත්වාකර්ශණ මතයි. ඒ නිසා ඔබ ගමන්ගන්නා මාර්ගය සමබරතාවයට බලපාන්නේ නැහැ. ඒ නිසා තරමක පුහුණුවකින් පස්සේ එක එක වැඩ කෑලි දාන්න වුනත් පුළුවන්. urban_glider-8

මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන්නේ. පැයක පමණ සම්පූර්ණ බැටරි ආරෝපණයකින් පසුව පහසුවෙන්ම කිලෝ මීටර් 32ක පමණ දුරක් ධාවනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම උපරිම පැයට කිලෝමීටර් 20ක පමණ වේගයකින් ගමන් කරන්නටත් මේ ග්ලයිඩරයට හැකියාව තියෙනවා.
ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථන බැටරිය ආරෝපණය කරන්නටත් මේ හුරුබුහුටි යන්ත්‍රයෙන් හැකියාව ලැබෙනවා. කෙසේ වුනත් තවමත් මේ යන්ත්‍රය වෙළඳ පලට හඳුන්වා දීලානම් නැහැ.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Tuesday 2 September 2014

579.SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S

SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S


Smart Watch වෙළඳපලේ ඉහළින්ම සිටින්නේ Samsung සමාගමයි. අද දින හඳුන්වාදෙන ලද නව Samsung Gear S ඔරලෝසුවත් සමඟ ඒ කාරණාව තවදුරටත් ඔප්පු වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS, Notification ලබාගන්නටත් Calls ගන්නටත් කිසිදු ජංගම දුරකථනය අවශ්‍යතාවක් නැහැ.

 
වක්‍ර වූ අඟල් 2ක 360×480 resolution Super AMOLED තිරයත් මෙහි ඇති තවත් විශේෂත්වයක්. සරලවම කියනවා නම් Gear S කියන්නේ අතේ බඳින ජංගම දුරකථනයක්. මීට ප්‍රථම විවිධ සමාගම ගණනාවක් Smart අත් ඔරලෝසු නිකුත් කල නමුත් ඒවා ජංගම දුරකථනයක් සමඟ සම්බන්ධ කල යුතු වෙනවා. මීට අමතරව Bluetooth හා WiFi සම්බන්ධතාව ද මේ Gear S හි ඇතුලත්.

කුඩා 300mA බැටරියක් සහිත මේ අත් ඔරලෝසුවේ අභ්‍යන්තර මතකය 4GB වේ. තවද Dual Core 1.7 GHz ප්‍රොසෙසරයකින් හා 512MB Ram මතකයකින්ද IP67 දූවිලි හා ජල ප්‍රතිරෝධී පහසුකම් වලින්ද යුක්ත යි.


මීට පෙර නිකුත් වූ පැතලි තිරයට වඩා වෙනස් වක්‍ර තිරය නිසා වැලමිට වටේට එතුනු මේ අපූරූ ඔරලෝසුව ඔබේ අතට මනා පෙනුමක් ලැබෙන බවයි නිෂ්පාදකයින් පවසන්නේ. එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත Samsung Gear S හි මිල පිළිබඳවත් කිසිදු සඳහනක් නැහැ.



ලිපියේ සම්පුර්න අයිතිය : විමුක්ති ලියනගේ මහතා සතුවේ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Monday 1 September 2014

575.Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළිවේ (වීඩියෝ සහිතයි)

Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළිවේ (වීඩියෝ සහිතයි)

Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු මේවන විට හෙළිවෙලා. Project Wing නමින් හඳුන්වන මේ ව්‍යාපෘතිය Drone යානා මඟින් භාණ්ඩ ප්‍රවාහණය කරන සේවාවක් සඳහායි.

මීට වසර දෙකකට පමණ ප්‍රථම ආරම්භ වූ මේ ව්‍යාපෘතියේ ප්‍රථම අත්හදා බැලීම පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේදී සිදු කෙරුනා. ඕස්ට්‍රේලියාව යනු මෙවැනි දුරස්ථ පාලක යානා සඳහා නීති රීති ලිහිල් රටකි.

මේ drone යානයට සාමාන්‍ය drone යානයකට වඩා ගුවන් යානයක පෙනුමකුයි ඇත්තේ. නියමිත ස්ථානයට ලඟාවූ පසු විශේෂ කේබලයක් මඟින් භාණ්ඩය පහලට වැටීමට සලස්වයි. භාණ්ඩය පොළවේ ස්පර්ශ වූ පසු කේබලය වෙන්ව නැවත drone යානය වෙතට යයි.

මීට ප්‍රථම මෙවැනි drone යානා මඟින් භාණ්ඩ හුවමාරුව සඳහා Amazon සමාගම ඇතුලු සමාගම් කිහිපයක්ම උත්සාහ දැරුවා. ඒ අනුව දවසක ඉහළ අහසේ වන drone යානා අනතුරු වුනත් දැකගන්නට පුළුවන් වෙන්නත් පුළුවන්.







ලිපියේ සම්පුර්න අයිතිය : විමුක්ති ලියනගේ මහතා සතුවේ


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Friday 29 August 2014

569.ලොකයේ ප්‍රතම පාවෙන ස්පිකරය​

ලොකයේ ප්‍රතම පාවෙන ස්පිකරය​


ලොකයේ ප්‍රතම පාවෙන ස්පික එක ගැන දැනගන්න පහල video බලන්න​.මෙම video ඉදිරිපත් කරන්නේ මලිංද අලහකෝන් මහතා .පහලින් බලන්නකෝ.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Thursday 28 August 2014

567.මේ තමයි මෙතෙක් හැදු ස්මාර්ට්ම හෙල්මට් එක..!

මේ තමයි මෙතෙක් හැදු ස්මාර්ට්ම හෙල්මට් එක..!



මේ හෙල්මට් එක සාමාන්‍ය හෙල්මට් එකක් කියලා බැලු බැල්මට පෙනෙන්න පුළුවන්. ඒත් Skully AR-1 කියලා හඳුන්වන හෙල්මට් එකට ඔයාගේ ඔළුව ආරක්ෂා කරනවාට වඩා දේවල් කරන්න පුළුවන්.

මේ හෙල්මට් එකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ඉදිරිපස තිරයයි. විනිවිද පෙනෙන උසස් තත්වයේ ප්ලාස්ටික් වර්ගකින් තනා ඇති මේ තිරය මතට විවිධ තොරතුරු ප්‍රක්ශේපනය කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ගමන් ගන්නා වේගය, දිශාව වගේම ඉන්ධන තත්වය පිළිබඳවත් තොරතුරු කිසිදු අපහසුවකින් තොරව දැනගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ වෙලා ඔබට ලැබෙන දුරකථන පණිවුඩ ක්ෂණිකව ඔබේ හෙල්මට් එක වෙත ලබාගන්නටත් හැකියාව තියෙනවා. ඒ නිසා මෝටර් බයිසිකලය ධාවනය කරන විට ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම ඉතාමත් පහසු වෙලා.


ඒ විතරක් නෙවෙයි පසුපසින් එන වාහන පිළිබඳව දර්ශණත් ඉදිරිපස තිරය මතට ලබා දීමට හෙල්මටයේ පසුපස කැමරාව උපයෝගී වෙනවා. විශේෂ ආකාරයකට, විශේෂ අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපස නිමවා ඇති නිසා ඉදිරිපස තිරය සීරීම් වලට ඔරොත්තු දෙනවා මෙන්ම ආලෝකය හමුවේ දීප්තිමත් නොවීම නිසා රියදුරුගේ පෙනීමට බාධා සිදුවන්නේ නැහැ. මේ අපූරු තාක්ෂණික නිර්මාණය කරලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි කුඩා සමාගමක පිරිසක් විසින්.


Bluetooth හරහා ජංගම දුරකථනය සම්බන්ධ විය හැකි නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමටත්, GPS සම්බන්ධතාවය හරහා Google Map වැනි location based apps භාවිත කරන්න පුළුවන්. කෙසේ වුවත් යම් හෙයකින් අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමකදී හෙල්මටය තුලම ඇති මතකය තුල තොරතුරු ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා.

ජංගම දුරකථන සම්බන්ධතාව සමඟ කටයුතු කරන නිසා හෙල්මට් එකටම වෙන්වූ විවිධ apps රාශියක්ම නුදුරේදීම හඳුන්වා දීමටත් නියමිතයි. මේ අපූරු නිර්මාණය හරහා මෙතෙක් තාක්ෂණික වශයෙන් විශාල දියුණුවක් අත් විඳීමට නොහැකි වුනු මෝටර් සයිකල් ධාවකයින්ටත් තාක්ෂණයේ උපකාරය ලබාගන්නට හැකියාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත් Skully AR-1 හෙල්මට් එකේ මිලනම් කුඩා මෝටර් සයිකලයක මිලට වඩා වැඩියි. Indiegogo වෙබ් අඩවිය හරහා මිලදී ගන්නට හැකියාව ඇති මෙහි හඳුන්වාදීමේ මිල රුපියල් වලින් ලක්ෂ 2කට ආසන්නයි.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Monday 25 August 2014

560.ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව…


ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව…
20140515040707-Photoall244 (1)

මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට සැමගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක් සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය.

 මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ වඩාත් වෙනස් ආකාරයේ smartwatch නිකුතුවක් පිලිබදවයි.  එය time, caller IDs, text messages, social media updates, reminders, weather updates ආදී තොරතුරු ගෙනෙන අතර එම තොරතුරු තිරයක් මත දැක් වෙනවා වෙනුවට  ප්‍රක්ෂේපණයක් සිදුකරන බවකි. pico projector එකක සමග ක්‍රියාත්මක වන මෙම නිකුතුව භාවිතාකරන්නාගේ  සෞක්‍ය වෙතට කිසිදු අනතුරක් නැති බවට සහතික කරන අතර Sport හා Bracelet යන ආකාර දෙකකින් පැමිනෙන බවට නිවේදනය කර සිටිනවා. උසස් තත්වයයේ graphics හා  brightness හැකියාවක් සමග එන මෙය wireless charging හැකියාවෙන්ද යුත්ත අතර සංක්‍රීය මට්ටමින්( projection mode) පැය 150ක් ද සූදානම් මට්ටමින් (stand-by mode) දින 30ක කාලයක්ද ක්‍රියාත්මක වන බවටත් පවසන එම ආයතනය shaking කිරීම්ක් ඔස්සේ හෝ උපකරන සමග පැමිනෙන එකම touch sensitive button ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකි වන බවට පවසා සිටිනවා. vibration support බවින් යුත් මෙම නිකුතුව iOS, Android හා  Windows Phone සමග Ritot app එකක සමග ක්‍රියාත්මක වනු ඇති බවට පැහැදිලි කොට සිටිනවා. 2015 ෆෙබරවාරියේ නිකුතුවට නියමිත බවට පවසන මෙහි  මිල  $120 පමන වනු ඇති බවට බලාපොරොත්තු පලකොට සිටිනවා.
   

  

 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Tuesday 19 August 2014

546.මෝටර් බයිසිකල් වලටත් දැන් Air Bags

මෝටර් බයිසිකල් වලටත් දැන් Air Bags



Air Bags කියන්නේ රිය අනතුරකදී රියදුරුට හො මඟීන්ට සිදුවන හානි වලක්වා ගන්නට තිබෙන ආරක්ෂණ ක්‍රමයක්. අනතුරක් සිදුවූ වහාම AirBags ප්‍රසාරණය වෙලා ඝට්ඨනයෙන් සිදුවන හානිය අවම කරනවා. ඒත් සාමාන්‍යෙයන් රිය අනතුරකදී යතුරුපැදි ධාවකයින්ට නම් මේ වනතෙක් ඒ වගේ ආරක්ෂණ විදියක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ වෙනුවෙන් Ducati Multistrada 1200 S Touring D Air එක නිකුත් වෙලා.

AirBag එකක් ප්‍රසාරණයට ගතවන්නේ ඉතාමත් කුඩා කාලයක්. අනතුරකදී මිලි තත්පර 45ක් වැනි අතිශය කුඩා වේලාවකදී ප්‍රසාරණය වී ඝට්ඨනයෙන් සිදුවන හානිය අවම කරන්නට මේ ඇඳුමට හැකියාව තියෙනවා.
ඉතාලි සමාගමක් විසින් නිපදවන ලද මේ මේ ආරක්ෂත කබාය මෝටර් සයිකලයේ ඉදිරිපස හා පසුපස suspension system එකට සම්බන්ධ කරලයි තියෙන්නේ. විශේෂත්වය නම් මේ ආරක්ෂත කබාය මෝටර් සයිකලයට සම්බන්ධ වෙන්නේ wireless ආකාරයට වීමයි.
  


මීට අමතරව Ducati D Air මඟින් ආරක්ෂිත කබාය හැඳ සිටින පිටුපසින් ගමන් ගන්නා අයෙකුට වුනත් ආරක්ෂාව සපයනවා. කබාය ඇඳ සිටින විට පපුව, පිටුපස හා උරහිස් සඳහා ආරක්ෂාව ලැබෙනවා වගේම මුහුණට මුහුණ ගැටීමක්, පසුපසින් ගැටීමක් වගේම ලිස්සා යාමකදී සිදුවන අනතුරකදී වුවත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා උපරිම ආරක්ෂාව සපයන්නට මේ ආරක්ෂිත කබාය සමත්.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Sunday 17 August 2014

541.ලොව ප්‍රථම පවුලේ රොබෝ හුරතලා – JIBO


ලොව ප්‍රථම පවුලේ රොබෝ හුරතලා – JIBO




Pixar සමාගමේ Wall-E චිත්‍රපටයේ ඔබ දුටු පුංචි හුරතල් රොබෝ සහායකයා මතකද? අන්න ඒ වගේ ඇත්තම රොබෝ කෙනෙක් ගැන අපිට අහන්න ලැබුනා. JIBO නමින් හඳුන්වන මේ රොබෝවරයා අනාගතයේදී ඔබේ පවුලේ කෙනෙක් විදියට ඔබේ නිවසට පැමිණේවි කියලයි මෙහි නිර්මාතෘවරුන් සිතන්නේ. ඇත්තටම මේ වගේ හුරතල් ඒ වගේම දක්ෂ රොබෝ කෙනෙක් ගෙදර පාළුව මකන්න හිටියත් ඒ ඇති නේද?



මේ JIBO හුරතලාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. තාලයට නටන්න, සින්දු කියන්න, Photo ගන්න විතරක් නෙවෙයි පවුලේ සාමාජිකයින් වෙන වෙනම හඳුනාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ නිවසේ ආරක්ෂන පද්ධතියට සමබන්ධ වෙලා ආරක්ෂකයෙක් විදියට ඉන්නත්, කාමර වල ලයිට්, විදුලි පංකා හා වායු සමීකරණය පාලනය කරන්නත් පුළුවන්.




Kickstarter වෙබ් අඩවිය හරහා එළිදැක්වුණු මේ අපූරූ නිර්මාණය සඳහා මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා. ඩොලර් 100 000ක ආධාර මුදලක් සඳහා ඉලක්ක කෙරෙනු මේ Kickstarter Campaign එක මේ වන විට ඩොලර් මිලියන 1.4ක් පමණ උපයාගෙන. ඒ වගේම තවත් දින 10ක් මේ Campaign එක වලංගුයි.


ඒ කියන්නේ තවමත් වෙළඳපලට නිකුත්ව නැති මේ රොබෝව pre order කර මිලදීගන්නට අවස්ථාව තියෙන්නේ තවත් දින 10ක් පමණයි. මේ දිනවල ඔබට $499ක මිලකට මිලදීගත හැකි වුවත් වෙළඳපලට නිකුත් කිරීමෙන් පසුව මේ රොබෝවේ මිල මීට වැඩිවේවි කියලා හිතන්න පුළුවන්.




ලිපියේ සම්පුර්න අයිතිය විමුක්ති  ලියනගේ මහතා සතුවේ 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

539.තනි රෝදයේ මෝටර් සයිකලය

තනි රෝදයේ මෝටර් සයිකලය






සිංහල බසින් පැහැදිලිව මේ ගැන දැනගන්න පහල විඩියෝ එක බලන්න​.මෙය ඔබවෙත ගන එන්නේ.. TechTrack වෙතින්





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Friday 15 August 2014

536.iPhone 6 සමඟ තරඟයට ලෝහයෙන් නිමවූ Samsung Galaxy Alpha

iPhone 6 සමඟ තරඟයට ලෝහයෙන් නිමවූ Samsung Galaxy Alpha




ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක් විදියටයි හැඳන්වෙන්නේ. iPhone 6 හි මෙන්ම අඟල් 4.7ක තිරයක් සහිත මේ ජංගම දුරකථනයට 12 මෙගා පික්සල් කැමරාවක්ද ඇතුලත්.

ඒ වගේම මේ නව ජංගම දුරකථනයත් සමඟ සැම්සුන් සමාගම සිය දුරකථන Designs සඳහා අලුත්ම Flat Metal Design එකක් හඳුන්වා දීලා. එසේ වුනත් හැඩය නම් Galaxy S5 සමඟ බොහෝදුරට සමානකම් පෙන්වනවා.‍



Galaxy S5 හි අලුතෙන් හඳුන්වා දුන් WiFi හා LTE දෙකම එකවර භාවිත කල හැකි Download Booster, වැඩි බැටරි ආයුකාලයක් සඳහා උදව් වන Ultra Power Saving Mode වගේම Finger Print Scanner එකක් වැනි පහසුකම්ද ඇතුලත්.

මේ නව ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Octa Core (quad 1.8GHz and quad 1.3GHz) ප්‍රොෙසසරයකින් නිසා පහසුවෙන්ම 4K වීඩියෝ රූගත කිරීම සඳහා සහාය දක්වනවා. ඒ වගේම මෙය නිකුත්වන්නේ Android Kit Kat 4.4.4 මෙහෙයුම් පද්ධතිය සමඟිනි. කෙසේ වුනත් මේ වනතෙක් මේ වන Galaxy Alpha ජංගම දුරකථනයේ මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනය පිළිබඳව සඳහනක් නැහැ. නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් වාර්ථා වන පරිදි නම් Samsung Galaxy Alpha සැප්තැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් වනු ඇති.



ලිපියේ සම්පුර්න අයිතිය විමුක්ති  ලියනගේ මහතා සතුවේ 





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-